
HIV වෛරසයට ප්‍රතිකාරයක් සොයාගැනීම සදහා පර්යේෂණාතමක මට්ටමේ ක්‍රියාත්මක වූ එන්නතක් වන HVTN 702 එන්නත පර්යේෂණ මට්ටමේදීම බවත් කිරීමට ලෝක සෞඛ්‍ය බලධාරීණ් තීරණය කර ඇති බව වාර්ථා වෙයි. ඊට හේතු වී ඇත්තේ බලාපොරොත්තු වූ ආකාරයෙන් එම එන්නත මගින් ප්‍රතිඵල නොලැබීමයි. මෙම එන්නත දකුණු අප්‍රිකා ලාපය තුල පුද්ගලයන් 5000ක් පමණ යොදාගනිමින් පරීක්ෂා කර තිබිණි.
මේ වන විට HIV සදහා ප්‍රතිකාරයක් වශයෙන් pre-exposure prophylaxis (Prep) නමින් ක්‍රමයක් ඇතැම් රටවල් වල භාවිතා වන අතර එම ක්‍රමයේදී දිනපතා ඖෂධ ලබාගැනීම කල යුතුය.
එසේත් නොමැතිනම් pre-exposure prophylaxis (Prep) භාවිතා නොවන රටවල් වලදී HIV වෛරස ආසාදනයෙන් වැලකී සිටීමට හැකි හොදම විකල්පය වන්නේ ලිංගික සංසර්ග ක්‍රියාවලියේදි කොන්ඩම් පැදීම හෝ ලිංගික සංසර්ගයෙන් වැලකී සිටීමයි.