පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිත රෝග

පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන රෝගී තත්වයන් වර්ථමානයේදී බොහෝ දෙනා අතර පවතී.

පුරුෂයන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව පිහිටා ඇති පුරස්ථ ග්‍රන්ථිය
– පුවක් ගෙඩියක් ප්‍රමාණයේ හා හැඩයෙන් යුක්තය.
– මුත්‍රාශයට යටින් මුත්‍රා නාලය ආරම්භ වන ස්ථානයේ ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටා ඇත
– මෙම ග්‍රන්ථිය මුත්‍රා නාලය වට කරගෙන පිහිටා ඇත.

පුරස්ථ ග්‍රන්ථියේ කාර්යයන් මොනවාද?

  • ශුක්‍රාණු වලට පෝෂණය සපයන ශුක්‍ර තරලය නිපදවීම
  • මුත්‍රා මාර්ගයේ මුත්‍රා පාලනය කිරීමට අදාලව ක්‍රියා කරන පේශි වලින් කොටසක් මෙම ග්‍රන්ථිය ආශ්‍රිතව පිහිටා ඇත.

පුරස්ථ ග්‍රන්ථිය අධිවර්ධනය වන්නේ ඇයි ?

  • පුරුයන්ගේ වයසට යෑමේ ක්‍රියාවලිය හේතුවෙන්
  • පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා වර්ධනය වීම හේතුවෙන්

පුරස්ථ ග්‍රන්ථියේ අධිවර්ධනය වීමත් සමග ඇති වන රෝග ලක්ෂණ

  • ග්‍රන්ථිය විශාල වන විට මුත්‍රානාල තෙරපී මුත්‍රා කිරීම අපහසු වීම
  • මුත්‍රා කරන වේගය අඩුවීම
  • නිතර නිතර කුඩා පරිමා වලින් මුත්‍රා පිටවීම
  • රාත්‍රී කාලයේදී මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම
  • මුත්‍රා පිට කිරීමට බොහෝ වේලාවක් ගතවීම
  • මුත්‍රා පිටකිරීමට දැඩි ආයාසයක් දැරීමට සිදුවීම
  • මුත්‍රා පිටකල පසුද මුත්‍රා කිරීම අවශ්‍ය බව දැනීම
  • මුත්‍රා සමග ලේ පිටවීම

මෙම රෝග ලක්ෂන ඔබටත් ඇතිනම් ඒ සම්බන්දයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එසේම එම රෝග ලක්ෂණ නොසලකා හරින්නේ නම්

  • යම් දිනයකදී මුත්‍රා අඩස්සි තත්වයන් ඇති වී මුත්‍රා පිට කිරීමට නොහැකි තත්වයන් ඇති විය හැකිය
  • මුත්‍රා ආසාදන ඇතිවිය හැකියි.
  • මුත්‍රා ගල් ඇති වෙයි
  • වකගඩු ඉදිමීම හා ඒ ආශ්‍රිත නාල ඉදිමීම සිදුවෙයි
  • අවසන් වශයෙන් වකුගඩු අකර්මන්‍ය වීම සිදුවිය හැකිය

පුරස්ථ ග්‍රන්ථියේ අධිවරුධනය හදුනාගැනීමේ පරීක්ෂණ ?

  • මුත්‍රා පරීක්ෂණ
    • Urine Full Report
    • Urine Creatinin
  • Ultra Sound Scan පරීක්ෂණ
  • මුත්‍රා වේගය මැනීම (Flow Test) – මෙහිදී ඉලෙක්ට්‍රොනික උපකරණයක් මගින් මුත්‍රා පිටකරන වේගය ස්වයංක්‍රීවය මැනීම සිදුකරයි.
  • Endoscopy – මුත්‍රා මාර්ගය පමණක් හිරිවට්ටවා පුරස්ථ ග්‍රන්ථිය, මුත්‍රාශය, මුත්‍රා නාලය ගැන අවබෝධයක් ලබාගැනීම සිදුවේ.
  • රුධිර පරීක්ෂණ
    • PSA
    • Serum Creatinin

සිදුකරන පරීක්ෂණ වලදී ඔබට පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව රෝගී තත්වයක් ඇති බව තහවුරු වන්නේ නම් ඖෂධ මගින් හා ශල්‍යකර්මයක් මගින් එම තත්වයට ප්‍රතිකාර කිරීම සිදුවේ.

ශල්‍යකර්මයන් සිදුකරන්නේ නම්

  • Open Surgery
  • Laparoscopic surgery
  • ලේසර් කිරණ භාවිතා කිරීම
  • Endoscopy ක්‍රමය භාවිතා වේ.

සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල

About freddy

Check Also

කැස්ස පැණි නිසා වකුගඩු අකර්මන්‍ය වන දරුවන්

මීට වසර ගණනාවකට පෙර සිටම Diethelyne Glycol (DEG) නම් රසායනිකය ශරීර ගතවීම ශරීරයට විශකරබව හදුනාගෙන …