කොරෝනා වෛරසය පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වු බවට හෙළිදරව්වක්

කොවිඩ් නයින්ටීන් වෛරසය මිනිසාට නොදැනුවත්ව පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති බවට නවතම වාර්තා පෙන්වා දී තිබේ.

හඳුනාගෙන ඇති තොරතුරු මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ පූර්ව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගැන වඩාත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කළ යුතු බවයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය, පසුගිය වසරේ දෙසැම්බර් මස 31වැනිදා පළමුව නිල වශයෙන් හඳුනා ගැණුනේ චීනයේ වූහාන් නගරයෙන්.

කෙසේ නමුත් ඊයේ දිනයේ වාර්තාවුණේ එම වෛරසය ඊට පළමුව එනම් ගතවූ දෙසැම්බර් මස 27 වැනිදා ප්‍රංශයෙන් වාර්තා වී ඇති බවයි.

මීට පෙර හඳුනා ගෙන තිබූ පරිදි ප්‍රංශයේ පළමු කොවිඩ් ආසාදිතයා හදුනාගැණුනේ මේ වසරේ ජනවාරි මාසයේදීයි.

අදාළ කරුණු ‘පුදුමයක්’ නොවන බවට පෙන්වාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙවන් සිද්ධීන් පිළිබඳ ලෝකය වඩාත් අවධානයෙන් සොයාබැලිය යුතු බව අවධාරණය කරයි.

සොයාගෙන ඇති කරුණු අනුව, කොවිඩ් ආරම්භය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නැවුම් මානයන් විවෘත වී ඇති බවද එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් 2019 වසර අගභාගයේ දී සිය රාජ්‍යයන්ගෙන් වාර්තාවූ නියුමෝනියා රෝගීන් සම්බන්ධයෙන් නැවතත් කරුණු සොයාබලන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ අතර බ්‍රිතාන්‍යෙය් ලන්ඩන් හි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, කොවිඩ් නයින්ටීන් වෛරසය පසුගිය වසරේ අගභාගයේ පටන් ලෝකය පුරා ව්‍යාප්තවී ඇති බවයි.

ලොව වටා රෝගීන් 7,600ක් යොදාගෙන එම පර්යේෂණය සිදුකර තිබුණි.

(adaderana)

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …