වකුගඩු බද්ධ කිරීමට හැකි ආකාර පිලිබදව දැනගනිමු.

මේ වන විට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ලෙස ප්‍රධාන වකගඩු බද්ධ කිරීමේ අවස්ථාවන් දෙකක් පවතනවා.

  1. ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම
  2. මොළය මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම.

ජීවත්ව සිටි

න පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම (Living Donor Kidney Transplant)
මෙහිදී වකුගඩු රෝගී වූ පුද්ගලයාගේ ලගම නෑදෑයෙකුගේ (දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන්) පූර්ණ කැමැත්ත ඇතිව ඔහුගේ හෝ ඇයගේ නිරෝගී වකුගඩුවක් රෝගී පුද්ගලයාට බද්ධ කිරීම සිදුවෙනවා. වඩාත්ම සාර්ථක වකගඩු ගැලපීමක් හා ශල්‍යකර්මයෙන් පසු සාර්ථකත්වයක් මේ ක්‍රමයමගින් අපේක්ෂා කරනවා. නමුත් වර්ථමානය වන විට රෝගියාට නෑකමක් හෝ නොමැති පුද්ගලයන්ගේ නිරෝගී වකගඩු බද්ධ කිරීමත් ඉතාමත් සාර්ථක වන බව පෙනී ගොස් තිබෙන නිසා පවුලේ සාමාජිකයෙක් හැරෙන්නට වෙන්ත පුද්ගලයෙකුගේ නිරෝගී වකුගඩුවක් බද්ධ කිරීමේ ප්‍රශ්ණයක් ඇති යැයි බියක් ඇති කරගතයුතු වන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව අවයව මුදලට විකිණීම හා අවයම මිලදී ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් වන නිසා ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුම වනවා.

h9991470_001

මොළය මියගිය පුද්ගලයෙකුගේ වකුගඩු බද්ධ කිරීම (Deceased Donor Kidney Transplant)
මෙහිදී සිදුවන්නේ හදිසි අනතුරක් වැනි හේතුවක් නිසා මොළය මියගිය පුද්ගලයන්ගේ වකුගඩු රෝගී පුද්ගලයෙකුට බද්ධ කිරීමයි. නමුත් මේ ක්‍රමයේදී එසේ හදිසි අනතුරට ලක්වූ පුදගලයාගේ නෑදෑයන්ගේ කැමැත්ත ලබා ගැනීම අනිවාර්‍යය කරුණක්. මේ ආකාරයෙන් මොලය මියගිය පුද්ගයන්ගෙන් ලබා ගන්නා වකුගඩු රෝගී පුද්ගලයන්ට බද්ධ කිරීම මහනුවර,මාළිගාවත්ත,කොළඹ,ශ්‍රී ජයර්ධනපුර,අනුරාධපුර වැනි රෝහල් වල සාර්ථකව සිදුකරනවා.

මෙම ක්‍රම දෙකට අමතරව වකුගඩු දායකයන් හුවමාරු කරගනිමින් වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයන් සිදුකිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී සිදුවන්නේ එක් රෝගියෙක් සතු දායකයා ඔහුට ගැලපෙන්නේ නැති අවස්ථාවකදී වෙනත් රෝගියෙකුගේ දායකයා කලින් රෝගී පුද්ගලයාට හා ඒ රෝගියාගේ දායකයා දෙවන රෝගියාට ගැලපෙන්නේ නම් දයකයන් හුවමාරු කරගැනීමින් ශල්‍යකර්මය සිදුකිරීමයි.
මේ ශල්‍යකර්මය මේ වන විට ලෝකය පුරා ප්‍රචලිත ක්‍රමයක් වූවත් තවමත් ශ්‍රී ලංකාව තුල මේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නැහැ. එයට හේතුව වන්නේ මේ ශල්‍යකර්මය සිදුකිරීමේදි පුද්ගලයන් 4 දෙනෙකු එකවර ශල්‍යකර්මයට බදුන් වන නිසා ශල්‍යාගාර 4ක් එකවර අවශ්‍යවීමයි. එකවර ශල්‍යාගාර 4ක් ලබාගැනීමට මෙරටදී අපහසු නිසා මේ ක්‍රමය මේ වන විට සිදුවන්නේ නැහැ. නමුත් ඉදිරියේදී මේ ආකාරයේ ශල්‍යකර්මයන් වෙත යොමු වීමේ හැකියාවත් ඔබට ලැබෙනු ඇති

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …