වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන ආකාරය දැනගනිමු.

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයේදී වකුගඩු දායකයාගේ හා වකුගඩු ග්‍රාහකයාගේ වශයෙන් ශල්‍යකර්මයන් දෙකක් සිදුවනවා. එයින් වකුගඩු දායකයාගේ වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය සැලකීමේදී එය සිදුකරන ආකාරයන් දෙකක් මේවන විට භාවිතයේ පවතිනවා.

  1. ලැපරොස්කොපි ශල්‍යකර්මය
  2. විවෘත ශල්‍යකර්මය

ලැපරොස්කොපික් ශල්‍යකර්මය

ලැපරොස්කොප් යන වචනය නිර්මාණය වී ඇත්තේ “Lapara” හා “Skopein,” යන ග්‍රීක වචන දෙක එක්වීමෙන්.“Lapara” යන්නේහි අර්ථය වන්නේ පර්ශු හා ඉන අතර ඇති සිනිදු ශරීර කොටස් යන්න වන අතර “Skopein,” හි අර්ථය ඉංග්‍රීසි භාෂාවේදී scope යන වචනයෙන් හැදින්වෙන බැලීම හෝ පරික්ෂා කිරීම ලෙස දක්වන්නට පුළුවන්.්‍

මෙම ක්‍රමය වර්ථමානය වන විට වකුගඩු දායකයන්ගේ ශල්‍යකර්මයන් සිදුකිරීමේදී වඩාත් බහුලව භාවිතා වනවා.මෙහීදී මූලිකවම උදරයේ ස්ථාන කිහිපයක අගලක් දෙකක් පමණ දිගැති කැපුම් කිහිපයක් ඇතිකරනවා. මෙම කැපුම් මගින් ලැපරොස්කෝප් ලෙස හදුන්වන කැමරාව හා වෙනත් අවශ්‍ය ශල්‍ය උපකරණයන් උදරයට ඇතුලත් කිරීම සිදුකරනවා.

මෙම කැමරාවෙන් ලබාගන්නා දර්ශණ අනුව ශල්‍යවෛද්‍යවරයා විසින් වකුගඩුවට රුධිරය සපයන රුධිර නාල හා මුත්‍රා වාහිනී නිසි ආකාරයට හිර කොට ඒවා හා වකුගඩුව අතර ඇති සම්බන්දය ඉවත් කිරීමෙන් පසු වකුගඩුව වටා ඇති පටක වලින් වෙන් කර ගැනීම සිදුවෙනවා. මෙසේ නිවැරදිව වෙන් කරගත් වකුගඩුව දායකයාගේ නාභියට පහලින් යොදූ තමක් දිගැති කැපුමක් මගින් ඉවතට ගැනීම සිදුවෙනවා.

110288img06PN

 

 

 

 

 

 

 

විවෘත ශල්‍යකර්මය

මෙහිදී උදර කුහරයේ අගල් 10ක පමණ කැපුමක් යෙදීම සිදුවෙනවා. එම කැපුම අවසාන පර්ශුවේ මැද සිට උදර කුහරයේ ඉදිරිපස දක්වා යෙදීම සාමානයයෙන් සිදුවෙනවා. අප ඉදිරිපත් කරන ඡායාරූප මගින් ඒ පිලිබදව ඔබට දැනගැනීමට හැකියි.

මේ කැපුම හරහා ශල්‍යවෛද්‍යවරයා දායකයාගේ වකුගඩුව වෙත ලගාවෙනවා. ඉන්පසුව වකුගඩුව වෙත රුධිරය සපයන රුධිර වාහිනී හා මූත්‍රා වාහිනාය හිර කොට ඒවා හා වකුගඩුව අතර ඇති සම්බන්දයද ඉවත් කොට පරිස්සමෙන් වකුගඩුව ඉවත් කර ගැනීම සිදුවෙනවා.

LDN1

lapro1

මෙම අවස්ථාවන් දෙකේදීම ඉවත්කරගත් වකුගඩුව හැකි ඉක්මනින් වකුගඩු ග්‍රාහකයාට බද්ධ කිරීම සදහා වෙනම සුදුසු බදුනක බහා වකුගඩු ග්‍රාහකයාගේ ශල්‍යකර්මය සිදුකරන ශල්‍යාගාරය වෙත ගෙන යාම සිදුවෙනවා.

 

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …