ඩයලයිසිස් කරනවනම් කෑම,බෙහෙත් විතරක් නෙවේ ඇදුම් ගැනත් සැලකිලිමත් විය යුතුයි.

LAH dialysis unit
සාමාන්‍යයෙන් ඩයලයිසිස් එහෙමත් නැතිනම් රුධිර කාන්දුකරණය සිදුකරන රෝගීන්ට අනිත් රෝගීන්ට සාපේක්ෂව තහන්චි හා සීමාවන් කිහිපයක් තිබෙනවා. ආහාර,ඖෂධ සම්බන්දයෙන් ඒ තහංචි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වනවා. ඒ වාගේමයි එම රෝගීන් තමන්ගේ පිරිසිදුකම මෙන්ම අදින පලදින විදිව පිලිබදව සැලකිලිමත් වීමත් වඩාත් වැදගත්.
විශේෂයෙන්ම ඩයලයිසිසස් ප්‍රතිකාරය ලබන රොගීන්ට එම යන්ත්‍රය සම්බන්ද කරන ස්ථානය සදහා වඩාත් පහසුවෙන් යොමුවීමට ඔබගේ හෙදියට හෝ වෛද්‍යවරයාට හැකි වන පරිදි ඇදුම් තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. එලෙසම ඩයලයිසිස් කිරීමේදී සිදුවන රුධිර හුවමාරුවට බාධාවක් නොවන ආකාරයේ ඇදුම් තෝරා ගැනීමත් වැදගත්.
ඒ ආකාරයෙන්ම ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන රෝගීන් විවිධාකාරයේ ආසාදන වලට ගොදුරු වීමේ හැකියාව සාපේක්ෂව වැඩිවීම හේතුවෙන් වඩාත් පිරිසිදු ඇදුම් ඇදීමට නිරතුරුව සිහි තබාගත යුතුයි. ඇදුම් වල පිරිසිදුභාවය මෙන්ම ඔබගේ ශරීරයේ පිරිසිදුභාවයත් විශේෂයෙන් ෆිස්ටියුලාව ඇති ස්ථානයේ පිරිසිදු භාවය පිලිබදවත් වැඩි අවදානයක් යොමුකල යුතුමයි.ඒ වගේම හිර ඇදුම් ඇදීමෙනුත් වැලකිය යුතුයි. එයට හේතුව වන්නේ හිර ඇදුම් මගින් රුධිර ගමනාගමනයට බාධාඇතිවීමයි. විශේෂයෙන් ඩයලයිසිස් කිරීමේදී හොදින් රුධිරය හුවමාරුවීමක් සිදුවිය යුතු නිසා හිර ඇදුම් නොඇද සිටීම වඩාත් වැදගත්.
 නමුත් ඔබ ඩයලසිසිස් ප්‍රතිකාරය ලබන රෝගියෙකුනම් එම ඒකකය තුල කොපමණ ශීතලක් ඇත්දැයි ඔබ අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා එ සීතලෙන් ආරක්ෂිතව සිටීමටත් අප අදින ඇදුම් වලින් බලපෑමක් සිදුවිය යුතුයි. ඒ නිසාම ඇගට අනවශ්‍යලෙස හිර නොවන දිග ඇදුම් ඇදීම වඩාත් හිතකරයි. කොටන් හෝ වූල් වලින් නිෂ්පාදිත ඇදුම්නම් සීතලට මුහුණදීමට ඔබට වැඩි වශයෙන් සහය වනු ඇති. ඝණකම් පොරෝනයක්(බ්ලැන්කට්ටුවක්) ඔබගේ ප්‍රතිකාර වලට බාධාවක් නොවන ආකාරයෙන් භාවිතා කිරීමටත් ඔබට හැකියි.

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …