වකුගඩු ගල් වලින් බේරෙන්න පහසු ක්‍රම 6ක්

kidney_stones_shutterstock

වකුගඩු ගල් කියන්නේ අපි ගොඩක් දෙනෙක් අහල තියෙන තත්වයක්. මෙම තත්වයට දේශීය වෛද්‍යවිද්‍යාවේදී මෙන්ම බටහිර වෛද්‍යවිද්‍යවේත් විවිධ ප්‍රතිකර්ම භාවිතා කෙරෙනවා. වකුගඩු වල මේ ආකාරයෙන් විවිධ ඛනිජ ස්ඵටිකීකරණය වීම තමයි අපි ගල් වශයෙන් හදුන්වන්නේ. මේ තත්වය බොහෝ අවස්ථාවන් වලදී ඉතාමත් වේදනාකාරීයි. විවිධාකාරයේ ප්‍රතිකාර මගින් මෙනම ඇතැම් අවස්ථාවන් වල ශල්‍යකර් මගිනුත් මෙම ගල් වකුගඩු වලින් ඉවත් කිරීමට සිදුවනවා.

දැන් අපි කියන්න යන්නේ වකුගඩු ගල් ඇතිවීමට වැලැක්වීමට අනුගමනය කල යුතු ඉතාමත් සරල ක්‍රියාමාර්ග කිහිපයක් ගැනැයි. මේ විදියට දෛනිකව කටයුතු කිරීම මගින් වකුගඩු ගල් ඇති වීම වලක්වාගන්න පුළුවන්.

  1. ඔබගේ දහඩිය ගැන සැලකිලිමත් වන්න.
    විශේෂයෙන් අධික ලෙස දහඩිය දමන ව්‍යායාම ඔබගේ සෞඛ්‍යයට ඉතාමත් හොද වුනත් අධික ලෙස දහඩිය දැමීම මගින් වකුගඩු ගල් ඇති වෙන්න පුළුවන්. දහඩිය ලෙස පිටවන්නේ අප ශරීරයේ ඇති ජල ප්‍රමාණය නිසා අධික ලෙස දහඩිය දමන අවස්ථාවන් වල ශරීරයේ ඇති ජල ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වෙනවා.එවිට මුත්‍රා පිටවීමත් අඩුවනනිසා වකුගඩු ගල් ඇති වීමට හේතුවන ඛනිජ වර්ග වලට වකුගඩුවල තැන්පත් වීට වැඩි අවස්ථාවක් හිමි වනවා.  ඒ නිසා කාලයත් සමග වකුගඩු ගල් ඇති වෙන්න පුළුවන්.
    මේ තත්වය මගහැර ගැනීමටනම් සිදුකල යුතු එකම ක්‍රියාමාර්ගය වන්නේ ඔබට වැඩියෙන් දහඩිය දමන අවස්ථාවන් වල වැඩිපුර ජලය පානය කිරීමයි. විශේෂයෙන් ව්‍යායාම කිරීම් වැනි අවස්ථාවන් වලදී ඒ ගැනි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.
  2. ඔබ ආහාරයට ගන්නා ආහාර වල ඇති ඔක්සලේට් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.
    ඔක්සසලේට් හා කැල්සියම් එක්වීමෙන් කැල්සියම් ඔක්සලේට් ලෙස වකුගඩු වල තැන්පත්වීමෙන් තමයි වැඩි වශයෙන් වකුගඩු ගල් ඇති වීම සිදුවෙන්නේ.  ඒ නිසාම අප ගන්නා ආහාර වල ඔක්සලේට් ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්. රටකජු,නිවිති,බීට්,චොකලට් හා බතල වැනි ආහාර වල වැඩි ඔක්සලේට් ප්‍රමාණයක් ඇති බව පරීක්ෂන වලින් හෙලිවී තිබෙනවා.
    වකුගඩු වල ගල් ඇති වීම සිදුවන්නේ වකුගඩුවලින් තරලයන් පෙරී මුත්‍රා නිපදවීමේ කාර්යය සිදුවීමේදීයි. මේ තත්වයෙන් මගහැරීමට ඔක්සලේට් අඩංගු ආහාර ගැනීම සීමා කිරීමට වඩා ඒවා ආහාරයට එක්කර ගැනීමේදී කැල්සියම් සහ ඔක්සලේට් අඩංගු ආහාර එකවිට ගැනීම යෝග්‍යය බවයි විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ. එවිට කැල්සියම් ඔක්සලේට් හා එක්වීම ආමාශය තුලදීම සිදුවී වකුගඩු වලට බලපෑමක් සිදුනොකරමින් ශරීරයෙන් ඉවත් වන බවයි ඔවුන් පවසන්නේ.
  3. කැල්සියම් කියන්නේ වකුගඩු ගල් ඇති කරන ප්‍රධාන හතුරා නෙවෙයි.
    වරින්වර වකුගඩු ගල් ඇති වෙන රෝගීන් තමන් ආහාරයට ගන්නා කැල්සියම් ප්‍රමාණයන් අඩු කරත් වකුගඩු ගල් ඇති වීමේ ප්‍රවණාතවය  අඩුවීමක් ඇතැම් විට සිදුනොවන බව වෛද්‍යවරුන් පවසනවා. එම නිසා වෛද්‍යවරුන් නිර්දේශකරන්නේ අප පෙර සදහන්කල ආකාරයටම කැල්සියම් අධික ආහාර හා ඔක්සලේට් අධික ආහාර එකවර ලබාගැනීම සිදුකල යුතු බවයි.
  4. එක්වරක වකුගඩු ගල් ඇතිවීම තවත් එවැනි දේවල් ඇති විය හැකි බවට වන සලකුණක් පමණයි.
    වකුගඩු තුල සෑදෙන මෙවැනි ගල් වකුගඩුවල සිට මුත්‍රාවාහිනී හරහා ගමන් කිරීමේදී ඇති වන වේදනාව යම්කිසි පුද්ගලයෙකුට අත්විදිය හැකි දරුණුතම වේදනාවක් ලෙසටයි වෛද්‍යවිද්‍යාවේදී සැලකෙන්නේ.තත්වය එසේ වුනත් එක් වරක් මෙමවේදනාව අත්විදි කෙනෙකුට තවත් කිහිපවරක් මෙම තත්වය ඇත් විදීමට සිදුවෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ නිසාම වරක් වකගඩු ගල් ඇති වූ පුද්ගලයෙකු නැවතත් එම තත්වය ඇති වීම වලක්වාගැනීමට අවශ්‍ය ඖෂධ නොවරදවා ලබාගතයුතු අතරම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ආහාර පාලනයත් සිදුකල යුතුමයි. එසේ නොමැතින් ජීවිත කාලය පුරාවට විටින් විට වකුගඩු ගල් ඇති වීමේ අවදානම පවතිනවා වාගේම එ නිසා වකුගඩු රෝගී තත්වයන් ඇති වෙන්නත් පුළුවන්.
  5. වකුගඩු ගල් වලින් ගැලවෙන්න දෙහි බොන්න.
    දෙහි වල ඇති සිට්රේට් වකුගඩු ගල් ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරනවා.වකුගඩු වල මුත්‍රා නිපදවීමේ ක්‍රියාවලියේදී වකුගඩු ගල් ඇති වීමට හේතුවන කැල්සියම් වෙනත් සංඝටකයන් සමග බැදීම වලැක්වීමේ හැකියාව සිට්රේට් වල තිබෙනවා. එලෙසම ගොඩනැගී ඇති ගල් තවත් ගල් සමග එක්වීම වාගේම ගල් ප්‍රමාණයෙන් විශාල වීමෙත් මේ සිට්රේට් නිසා සිදුවෙන්නේ නැහැ.
    (නමුත් දෙහි පානය කිරීමේදී යොදාගන්නා සීනි ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් බව මතකතබා ගත යුතුයි.)
    images
  6. කැලිසියම් වලින් වැලකුණ පමණින් ගල් ඇතිවීම නවතින්නේ නැහැ.
    කැල්සියම් ඔක්සලේට් ආකාරයේ වකුගඩු ගල්වලට අමතරව යූරික් අම්ලය නිසාත් වකුගඩු ගල් ඇති වීම සිදුවනවා. මේ අආකාරයෙන් යූරික් අම්ලය අපගේ ශරීරය තුල නිපදවීමට වැදගත් වෙන්නේ පියුරීන් කියන රසායනික සංඝකටකයයි. ඒ නිසා යූරික් අම්ලය හේතුවෙන් ඇති වන ගල් වලින් වැලකීමට පියුරින් වැඩි වශයෙන් අඩංගු රතු මස් වර්ග වැනි ආහාර පාලනය කිරීම වැදගත්. ඒ නිසා සතත්ව ආහාර පාලනය කර වැඩි වශයෙන් එළවළු පළතුරු ආහාරයට ගැනීම මගින් මේ තත්වය මගහරවා ගන්න පුළුවන්.
    ඒ වාගේමයි මධ්‍යසාර භාවිතයත් යූරක් අම්ලය ශරීරයේ ගොඩනැගීමට හේතු වන නිසා  මධ්‍යසාර ලබාගැනීමත් වකුගඩු ගල් ඇති වීම වලක්වාගැනීමට බලපාන ප්‍රධානතම සාධකයන් වනවා.

    493x335_diet_to_prevent_kidney_stones_other

 

 

මූලාශ්‍රය – https://www.kidney.org

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …