වකුගඩු බද්ධ කිරීමෙන් පසු ලබාදෙන ඖෂධ ගැන දැනගනිමු.

වකුගඩුව අපගේ ශරීරයට බද්ධ කිරීමෙන් පසු අපගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට ඖෂධ ලබා දෙනවා. එම ඖෂධ මගින් කරන්නේ බද්ධ කල නව වකුගඩුව ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීමයි. එම ඖෂධ ලබාදීමට හේතුව,මාත්‍රාවන් හා අතුරු ප්‍රථිඵල පිලිබදව අවධානය යොමු කරමු.

  1. ටැක්රොලිමස් (Tacrolimus)tac
    • ටැක්රොලිමස් ලබානොගත යුතු අවස්ථාවන් –
      – ටැක්රොලිමස් ඖෂධයේ අන්තර්ගතයක් වන එඩරු තෙල් වලට ආසාත්මිකතාවයන් දක්වන්නේ නම්,
      – asenapine, cisapride, citalopram,  spironolactone, mifepristone,  dalfopristin, quinupristin, or ziprasidone වැනි ඖෂධ ලබාගන්නේ නම්,
      – ටැක්රොලිමස් ලබාගැනීමට පෙර පැය 24ක් ඇතුලත සයිලොස්පෝරින් ලබාගෙන ඇත්නම්. (මෙවැනි තත්වයක ඔබ සිටින විට ඔබගේ වෛද්‍යවරයා ඒ පිලිබදව දැනුවත් කිරීම කල යුතුයි.)
    • ටැක්රොලිමස් වල අතුරු ප්‍රථිඵල –
      – විශබීජ ආසාදනය වීමේ හැකියාව ඉහල යාම,හිසරදය,මානසික තත්වයන්ගේ වෙනස්කම් ඇතිවීම,රුධිරයේ ක්‍රියටිනින් ප්‍රමාණය ඉහල යාම,දියවැඩියාව,හද ගැස්මේ වෙනස්කම් ඇති වීම, මස්පිඩුවල වේදනාව හා දුර්වලකම, අත් විලුඹ යටිපතුල් හා කකුල් වල ඉදිමුම් ඇති වීම,
    • ටැක්රොලිමස් මාත්‍රාවන් –
      – 1mg  හා 0.5mg කරල් වශයෙන් ලබාගන්න පුළුවන්
    • වෙළදපොලේ ඇති ටැක්රොලිමස් වෙලද නාමයන්-
      – Tacgraft,Pangraft,Vingraft ,Hecoria,Astagraf XL,Regraf
      වකුගඩු බද්ධ කිරීමකදී මෙන්ම අක්මාව හා හදවත් බද්ධ කිරීමකදීත් බද්ධ කල අවයවය ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා මෙය ලබාදෙනවා. මේ ඖෂධය මගින් කරන්නේ T වසා සෛල වල ක්‍රියාකාරීත්වය අඩු කරමින්  අපේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීමයි.
  2. සයික්ලොස්පෝරින් (cyclosporine)cyclos
    අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු කරමින් වකුගඩු,අක්මාව හා හදවත වැනි අවයව බද්ධ කිරීමකින් පසු එම අවයවයන් ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා මේ ඖෂධය ලබා දෙනවා.

    •   සයික්ලොස්පෝරින් වල අතුරු ප්‍රථිඵල –
      – හිසරදය, වෙව්ලීම, අධි රුධිර පීඩනය, වකුගඩු බලපෑම්, අධික කෙස් වැවීම, විදුරු මස ලියලීම වේදනාව හා ලේ ගැලීම, නින්දට බාධා ඇති වීම , අනවශ්‍ය රුධිර වහනය වීම් සිදුවීම ( නාසයෙන්,කටින්,ගුද මාර්ගයෙන් හා යෝනි මාර්ගයෙන්), හද ගැස්ම වෙනස් වීම,මහන්සි ගතිය,ඔක්කාරය
    • සයික්ලොස්පෝරින් මාත්‍රාවන් –
      – 25mg , 50mg , 100 mg  කරල් වශයෙන් ලබාගන්න පුළුවන්
    • වෙළදපොලේ ඇති සයික්ලොස්පෝරින් වෙලද නාමයන්-
      – නියොරාල්,බයොරාල්,ඉම්යුස්පෝරීන්,කොන්සුපේන්
      මෙම ඖෂධ දෙකම මේ වන විට රජයෙන් සපයන අතර රජයේ රෝහල් වලින් පිටතදී මිලදී ගන්නේනම් මිල අධික ඖෂධ වනවා. දිනකට දෙවරක් මේ ඖෂධය ලබාගතයුතු වන අතර පැය 12 පරතරයක් තිබිය යුුතුයි. එලෙසම ඖෂධය ලබාගැනීට පැයකට පෙර හා පසු ආහාර හා වෙනත් ඖෂධ ලබාගැනීමෙන් වැලකී සිටියයුතුයි එනම් හිස්බඩ පානය කල යුතුයි.  මෙම ඔෟෂධ දෙවර්ගය ලබාදීම ආරම්භ කිරීමෙන් පසු 5 වන දිනයේදීත් ඉන් පසුව විටින් විටත් ඖෂධ ශරීරයේ ඇති ප්‍රමාණයන් පරික්ෂා කිරීමෙන් ඖෂධ මාත්‍රාවන් වෙනස් කිරීම සිදුකරනවා.
      සයික්ලොස්පෝරින් මගින් දරුගැබට හානිගෙන දෙන නිසාවෙන් ඔබ ගර්භනී වීම පමා කල යුතු වන අතර ඒ පිලිබදව ඔබගේ වෛද්‍යවරයා හමුවී කරුණු පැහැදිි කරගැනීම වැදගත්.
  3. මයිකොෆිනොලේට් මොෆිටිල්  (සෙල්සෙප්ට්)cellcept
    මෙයත් ඉහත සදහන් කල ඖෂධ දෙක මෙන්ම බද්ධ කල අවයවයන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂධයක්.

    • සෙල්සෙප්ට් වල අතුරු ප්‍රථිඵල –
      – මලබද්ධය, ඔක්කාරය, හිසරදය, පාචනය, වමනය, බඩේ කැක්කුම, ආහාර අප්‍රිය වීම,ගැස්ට්‍රයිටීස්,නින්ද යාමේ අපහසුතාවය, ශරීරය දුර්වල වීම, අත් වල හා පාද වල සන්ධි ඉදිමීම,සම සුදුමැලි වීම, මුත්‍රා පිටකරන විට දැවිල්ලක් ඇති වීම
    • සෙල්සෙප්ට් මාත්‍රාවන් –
      – 250 mg  හා 500 mg කරල් වශයෙන් පවතිනවා.
      මේ ඖෂධයත් දිනකට දෙවරක් පැය 12ක පරතරයක් සහිතව හිස්බඩ පානය කල යුතුයි.
  4. ඇසතියෝප්‍රීන් (Azathioprine)
    මෙම ඖධෂයත් අවයව ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන අතර රුමරටොයිඩ් ආතරයිටිස් සදහා ප්‍රතිකාර වශයෙන්ද මෙම ඖෂධය ලබාදෙනවා.

    •   ඇසතියෝප්‍රීන්වල අතුරු ප්‍රථිඵල –
      – වමනය,ඔක්කාරය, රුධිර කැටි ගැසීම පමා වීම, ඉබේ සිදුවන රුධිර වහනය, බොහෝවිට විෂබීජ රෝග වලට ඉක්මනින් ගොදුරු වීම,උණ හා වෙව්ලීම,මාංශපේශීන් හා සන්ධි වේදනාව, ආහාර අරුචිය,හිසකෙස් සිනිදු වීම හා හිසකෙස් හැලී යාම.
    • ඇසතියෝප්‍රීන් මාත්‍රාවන්-
      – 50 mg පෙති වශයෙන් ලබාගන්න පුළුවන්.
      මෙය දිනකට දෙවරක් වෛද්‍ය උඵදෙස් අනුව ලබාගත යුතු ඖෂධයක්.
  5. ප්‍රෙඩ්නිසොලෝන්predni
    මෙම ඖෂධය බොහෝමයක් රෝගී තත්වයන්ට ඖෂධයක් වශයෙන් යොදාගන්නවා. ආසාත්මිකතාවයන්,හතිය,රුධිර සම්බන්ද රෝගී තත්වයන්,සමේ ඇති වන රෝගී තත්වයන් ඊට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. එලෙසම වකගඩු බද්ධයේදී බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහාත් මෙය ලබා දෙනවා.

    • ප්‍රෙඩ්නිසොලෝන් අතුරු ප්‍රථිඵල –
      – ලවණ හා ජලය ශරීරයේ එකතුවීම, දියවැඩියාව වැළදීම, පේශී දුර්වල වීම, අස්ථි දුර්වලවීම, ආමාශයේ   අම්ල රෝග, ආමාශයික තුවාල ඇතිවීම, කුරුලෑ ඇතිවීම, මානසික තත්වයන්ගේ වෙනස් වීම් ඇතිවීම, ළමුන්ගේ වර්ධනය බාල වීමයි. මීට අමතරව කම්මුල්, මුහුණ පිම්බුණ ස්වභාවයක්ද ඇතැම්විට දක්නට ලැබෙනවා.
    • ප්‍රෙඩ්නිසොලෝන් මාත්‍රාවන්-
      – 5mg පෙති වශයෙන් හෝ නික්ෂේපන වශයෙන් ලබාගන්න පුළුවන්.
      මේ ඖෂධය රෝගියාට ලබාදීම අරම්භ කරන්නේ 25mg වැනි මාත්‍රාවකින් වන අතර කාලයත් සමග සෙමින් මාත්‍රෙව් ප්‍රමාණය අඩු කරනවා. නියම කල මාත්‍රාව උදය කාලයේ පමණක් ගත යුතු වන අතර ආහාර වේලක් සමග ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් ඇතිවීම පාලනය කරගැනීමේ හැකියාව පවතිනවා. එලෙසම විශේෂයෙන් ප්‍රෙඩ්නිසොලෝන් හා එකම අවස්ථවේදී ආමාශයේ තුවාල හා අම්ල සමනය කරන ඖෂධ ලබාගැනීමෙන් වැලකිය යුතු අතර ප්‍රෙඩ්නිසොලෝන් ලබාගන්නා රෝගියෙකු ගැබ් ගැනීමෙන්ද වැලකී සිටිය යුතුයි.
  6. කෝ – ට්‍රයි මොක්සසෝල්
    විවිධාකාරයේ බැක්ටීරියා ආසාදනයන් සදහා ලබාදෙන ඖෂධයක් වන අතර විශේෂයෙන් නියුමොසිස්ටිස් නියුමෝනියාව වැලැක්වීමට ලබා දෙනවා.

    • කෝ – ට්‍රයි මොක්සසෝල් අතුරු ප්‍රථිඵල –
      –  ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. වමනය,ඔක්කාරය,පාචනය,රක්තහීනතාවය
    • කෝ – ට්‍රයි මොක්සසෝල් මාත්‍රාවන්-
      – 480 mg පෙති වශයෙන් ලබාදෙනවා.
  7. වැල්ගන්සයික්ලෝවර් (Valgancyclovir)valgan-500x500
    සයිටොමෙගලොවෛරස් (CMV)  නම් වෛරසයෙන් ඇති වන රොග වැලදී වැලැක්වීම සදහා මෙය ලබාදෙනවා.

    • වැල්ගන්සයික්ලෝවර් අතුරු ප්‍රථිඵල –
      – ආසාත්මිකතාවයන්,අසාමාන්‍ය හදගැස්ම , කරකැවිල්ල,හිසරදය,නිදිමත,මාංශපේශීන් දුර්වලවීම,..
    • වැල්ගන්සයික්ලෝවර් මාත්‍රාවන්-
      – 450 mg පෙති වශයෙන් ලබාගන්න පුළුවන්.

මෙම ඖෂධ වලට අමතරව ඔබට දියවැඩියාව,අධි රුධිර පීඩනය,ගැස්ට්‍රයිටීස්,ලේ කැටි ගැසීම අඩුකරන ඖෂධ වැනි දේ ඔබගේ සෞඛ්‍ය තත්වය හා වයස මත පදනම් වී ලබාදෙනවා.

 

මූලාශ්‍රය – https://www.drugs.com

About freddy

Check Also

අවයව දන්දිම – ප්‍රශ්ණයක්ද ?

අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා …